දහම් මඟ යන ඔබට

නොවැම්බර් 2015 කතු වැකිය

දහම් මඟ යන ඔබට

සටහනේ අන්තර්ගතය

දහම් මඟ යන අප බොහෝ දෙනෙකුට නිතරම පාහේ විවේඡන අපහාස උපහාස ඒම සාමාන්‍ය දෙයක්. බොහෝ දෙනෙක් අවවාද අනුශාසනාවන්ද ලබා දෙන්නේ විටෙක සැබෑම මෙත් සිතකින්මයි. නින්දා ප්‍රශංසා කුමක් වුවත් නිසි සේ සවන් දී ගත යුත්ත ගෙන නොගත යුත්ත හලන්නට ප්‍රඥාවන්ත වීම පිණිස සිතන්නට ගොනු වූ දහම් සිතිවිල්ලකි.

දහම් මඟ යන ඔබට...

බොහෝ පිරිස් ඔවාදම් දේවි...

ඔබේ මඟ වැරදි යැයි... ඔබේ ක්‍රමය වැරදියැයි...

විටෙක ඔබ මුලා වී ඇතැයි...

බොහෝ විට පවසාවි...

ඒ සැමටම බොහෝම ඕනෑකමින්

සවන්දෙන්න!

 

සවන් දෙන අතරතුර

ඒ පිරිස් වෙත ඔබගේ සිතේ

යම් ද්වේශයක් ගැටීමක් නැඟී එනවාදැයි

සොයා බලමින් ඔබගේ සිත තෝරාගන්න...

“මට අවවාද දෙන්න මෙයා කව්ද?“ වැනි

මාන්නක්කාරකම් නැඟී එනවාදැයි

විමසිල්ලෙන් ඉන්න...

ප්‍රවේශමෙන් සවන් දෙමින්

මේ විමසුම කරගන්න...

 

ඔබ අනුගමනය කරන යම් ක්‍රමයක්...

ඔබගේ ගිනි නිවීමට උපකාර වේ නම්...

රාග ගිනි ද්වේශ ගිනි මෝහ ගිනි මාත්‍රයකින් හෝ...

ඔබව මිදීමට උපකාරයක්ම වෙනවා නම්

මහා සැනසීමක් නොදැවීම් ස්වභාවයක්

සිතේ ඇතිකරනවා නම්...

අනුන් ඔබට නින්දා අපහාස

මෙන්ම ප්‍රශංසා කරනවිටදීත්

සිත සාමයෙන් තිබේ නම්...

එසේ නම් ඔබ අනුගමනය කරන

කවර හෝ ක්‍රමයක්...

ඔබව නිවීමට තරම් ප්‍රමාණවත් වේවි...

 

කරුණාවන්තබව දරාගෙන අන් අයට සවන්දෙන්න...

ඒ මහා කරුණාව තවත් අයෙක් මේ

ගිනි නිවීමේ මඟට ආකර්ශණය කරගන්නට

තරම් ශක්තිමත් වේවි...

ඔබට උපකාරයක් වේ නම් අන් අයගේ

උපදෙස් අවවාද ඔබ වෙතට ලැබගන්න...

ඔබට හිමි නැති නම් ඵලයක් නොමැති නම්

ගැටීමක් නැතිවම ඉවත දමන්න...

ඔබට ප්‍රඥාවන්තව අසීමාන්තික

නිවීමේ සුව ලැබේවි!!!

 

සම්බුදු හිමි හැරුණු කොට ඔබට

සර්වසම්පූර්ණ අවවාද අනුශාසනා දිය හැකි

සමතෙක් මේ ලොව නොමැති බව

නිතර සිහි තබාගන්න

මෙවන් දේ නොසලකා යමෙකුගේ උපදෙස්

නොසොයා නොබලා නොවිමසා

දරාගැනීම හෝ ඉවතලෑම

ඔබට විටෙක සාපයක් විය හැකියි...

එනිසාම ඔබට එකවරම

නිවැරදියැයි දැනුන නිසාවෙන්

ඔබගේ වටිනා දුර්ලභ මිනිස් ජීවිතය

නොවිමසා තවත් කෙනෙකු වෙනුවෙන්

පූජා නොකරන්න!!!

තෙරුවණේ සරණ ලැබ නිවීමම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා