සැඟවුනු වේදනාව!

දෙසැම්බර් 2011 කතු වැකිය

සැඟවුනු වේදනාව!

සටහනේ අන්තර්ගතය

ජොනතන් විල්සන් ෆලර් නම් වූ තරුණයෙක් වයස අවුරුදු 9දී තැබූ සටහනකි. විපාක වේදනාවට අමතරව පැමිණ සතුට සැනසීම නැති කරන අසහනය ගෙන දෙන අවිද්‍යා සහගත වේදනාව පිළිබඳව තමන්ට දැනෙන හැඟෙන අයුරින් තැබූ මේ සටහන තුල අප නැණවත්ව දැකිය යුතු උකහා ගත යුතු කරුණු බොහෝමයක් ගැබ්වන නිසාම මෙසේ අදහස ගැබ්වන සේ පරිවර්ථනය කලෙමි. "Opening the door of your heart" නම් අජාන් බ්‍රහ්මවංශ හිමිගේ ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

වේදනාවෙන් තොර ජීවිතයක් බලාපොරොත්තු වීම...

කිසි ඵලක් නෑ...

වේදනාවෙන් තොර ජීවිතයක් බලාපොරොත්තු වීම...

එය ඇත්තට අනුවණකමක්...

මන්ද වේදනාව යනු...

කයේ ආරක්ෂකයායි...

කොතරම් අප එයට අකමැති වුවත්...

කිසිවෙක් වේදනාවට කැමති නෑ...

ඒත් වේදනාව අත්‍යවශ්‍යයයි...

අප එයට කෘතවේදී විය යුතුයි...

වේදනාව තිබුනේ නැතිනම්...

ගින්දරින් අත ඉවතට ගත යුතු බව අප ඉගෙන ගනීවිද?

තියුණු පිහි තලයකින් ඇඟිල්ල රැකගන්නට අප ඉගෙන ගනීවිද?

තියුණු හුලකින් යටි පතුල රැකගන්නට අප දැනගනීවිද?

අන්න ඒ නිසා වේදනාව වැදගත්...

අප එයට කෘතවේදී විය යුතුයි...

ඒ කායික වේදනාව...

එහෙත්...

කිසිදු හරයක් නැති වේදනාවක් අප තුල තිබෙනවා...

නිදන්ගත වේදනාවක්...

රැකවරණය පිණිස නොවන වේදනාවක්...

එය අපතුලම පවතින මහා ප්‍රහාරක බලයක් වැනියි...

අප තුලම සිටිනා ප්‍රහාරකයෙක් වැනියි...

තමන් තුල වූ සතුට විනාශ කරන්නෙක්...

තම තමන්ගේ හැකියාව මතින් දියුණුවට පත්...

කලහකාරී ප්‍රහාරකයෙක්...

තමන් තුල වූ සාමය නැති කරන්නට පැමිණි

විනාශ කරන්නට නොහැකි ආක්‍රමණිකයෙක්...

අවසානයක් නොමැති හිංසනයක් සේ

ජීවිතයට කරදර ගෙන දෙන්නෙක්...

නිදන්ගත මේ වේදනාව...

ජයගැනීමට අපහසු බාධකයක් වැනියි...

විටෙක එය කරන්නට නොහැකි දෙයක් සේ දැනේ...

එහෙත් අප උත්සාහ ගත යුතුයි...

උත්සාහ ගත යුතුයි... උත්සාහ ගත යුතුයි...

මන්ද එසේ නොවුනහොත් එය අපව විනාශ කරාවි...

මේ යුද්ධයේ යහපතක් තියෙනවා...

මේ වේදනාව පරාජය කිරීමේ සැනසීම ඇතිවෙනවා..

සතුට සාමය සිත තුල රජයනවා...

ඒ හැමදේකටම වඩා මෙය ජයග්‍රහණයක්...

සුවිශේෂී ජයග්‍රහණයක්... පෞද්ගලික ජයක්...

දිරියක් දැනෙන ජයක්...

තමන් තුල වූ බලය දැනෙන ජයක්...

එය අත්දැකීමෙන්මයි වැටහෙන්නේ...

එනිසා අප වේදනාව පිළිගත යුතුයි...

විටෙක මේ නිදන්ගත විනාශකාරී වේදනාවද

පිළිගත යුතුයි...

මන්ද එය පුහුණුවේ කොටසක් නිසා...

මනස එයට මුහුණ දෙන්නට ඉගෙන ගනීවි...

මනස එයට මුහුණ දීමට ශක්තිමත් වේවි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා