වංචාවක තරම!!!

නොවැම්බර් 2016 කතු වැකිය

වංචාවක තරම!!!

සටහනේ අන්තර්ගතය

කිසිවක් දුටු පමණින්, ඇසූ පමණින්, වින්ද පමණින් එය සැබෑවක් සේ පිලිගන්න එපා. ඒ දේවල් ගැන ගැඹුරින් නුවණැතිව විමසා බැලිය යුතුයි යන සම්මා සම්බුදු ඔවදන සිහිපත්වූ අවස්ථාවක සිතට නැඟුන දම් සිතිවිල්ලක් මෙවර කතු වැකිය සේ ගොනු කරමි.

ඇසට පෙනුනද කණට ඇසුනද විඳගන්නට යමක් තිබුණද

ඒ කිසිවක් එකවර විශ්වාස කිරීම සුදුසු නොවේ...

මන්ද ඔබට පෙනෙන දේ සත්‍යයක් නොවන නිසාවෙනි...

ඔබට ඇසෙන දේ සත්‍යයක් නොවන නිසාවෙනි...

ඔබ විඳින දේ සත්‍යය අභිබවා ගිය මායාවක්ම වන හෙයිනි...

රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම පිරිසිඳ දැකගන්නට යොමුවන්න

යථාවත් විමර්ශණය ඔබට සත්‍ය පෙන්නාවි...

එවිට මේ ලෝකයේ මෙතෙක් කාලයක්...

සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් ගෙන...

ඇලුනේ ගැටුනේ... චෝදනා කලේ...

දුක් වුණේ... අසහනයට පත්වුනේ...

වෙනස් කරන්නට වෙර දැරුවේ...

කැමැත්තට අනුව පවත්වන්නට හැදුවේ...

සිහින මවන්නට වුනේ... සාධාරණ අසාධාරණකම් වෙනුවෙන් හඬගෑවේ...

හරවත් දෙයකට නොවන බව අවබෝධකරගන්නට හැකිවේවි...

මායා උඟුලකම හසුවී සිටි බව වැටහේවි...

වැටහෙන විට ප්‍රමාද යැයි නොසිතීමට නම් අප්‍රමාදීව මේ උඟුල සොයාගන්නට

නැණවත්ව වෙහෙසෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා