කර්මයෙන් උපන්නවුන්...

සැප්තැම්බර් 2015 කතු වැකිය

කර්මයෙන් උපන්නවුන්...

සටහනේ අන්තර්ගතය

කර්මය පිළිබඳව බුදු වදන පසෙකලා කටයුතු කරන විට නැගෙන අසහනයෙන් හැකිනම් මිදෙන්නට මේ දේවල් පිළිබඳව නුවණින් විමසා බලන්නට ප්‍රඥාවන්ත ඔබටත් අවස්ථාවක්!

බුදු වදන මෙය වන කල බුදු වදන හරිහැටි නොදත්තවුන් විසින් සියල්ල කර්මයට භාරදිය යුතු නොවේ අප විසින් උත්සාහ වීර්යෙන් යුතුව කර්මය වෙනස් කල යුතු වේ යැයි උත්සාහ ගනී...

කර්මය වෙනස් කර ගැනීමට කර්ම අස්ථානගත කරන්නාවූ කර්මස්ථාන වඩන්නාවූ ලෝකෝ්ත්තර ආර්ය මාර්ගයට පත්විය යුතුවේ...

අන්න ඒ නිසි සේ කර්මයෙන් මිදිය හැකි ක්‍රමය අනුගමනය නොකර ලෞකික පැලැස්තර අලවමින් කර්මයෙන් මිදෙන්නට දැඟලීම කර්මය නිසි සේ අවබෝධ නොකරගත් අනුවණ වැඩපිලිවෙලක්ම වේ...

මේ බුදු වදන බුදු හිමියන් පැවසුවේ මෙසේ කර්මය පිළිබඳව මෙනෙහි කරන්නේ නම් ලෞකික වැඩපිලිවෙලක් තුලින් කර්මය වෙනස් කරන්නට තතනමින් තමන් අසරණ නොවන බව දන්නා නිසාමය...

මේ බුදු වදන බුදු හිමියන් පැවසුවේ කර්මය විපාක දෙන විට විපාකයට කම්පාවීම පසෙකලා එවැනි විපාක නැවත නොවීමට කර්මය අස්ථාන ගත කරන වැඩපිලිවෙලට යොමුවීමට ප්‍රඥාවන්ත වන්නුවන් සිටිනා බව දන්නා නිසාමය...

මේ බුදු වදන බුදු හිමියන් පැවසුවේ කර්මය පිළිබඳව මෙසේ දැනගත් විට කර්මයේ අයහපත් ප්‍රතිඵල එන විට එය හමුවේ අසහනයට පත්නොවී මෙය පෙර කර්මයේ ඵලයක් යැයි උපේක්ෂා සහගතව එයට මුහුණ දීමටත් යහපත් ප්‍රථිඵල හමුවේ උදම් නොවී උපෙක්ෂා සහගතව එයට මුහුණ දීමටත් ශක්තියක් ඇති කරගත හැකියවුන් සිටිනා බව දන්නා නිසාවෙනි...

මේ බුදු වදන බුදු හිමියන් පැවසුවේ ගැඹුරු ධර්මයේ අරුත් දැන කර්මය නිසි සේ අවබෝධ කරගෙන කර්මයෙන් මිදෙන මාර්ගයට පිවිසීමට අප්‍රමාදීවිය යුතු බව පෙන්වා දීමටමය...

එසේ ගැඹුරු අරුත් වටහාගැනීම පසෙකලා, "කර්මයට සියල්ල භාර නොදිය යුතුය... කර්මය සමඟ සටන් වැදිය යුතුයැයි" කියන්නෝ තුල අසහනයම රජයයි... කල නොහැක්කක් කරන්නට උත්සාහ දැරීම නිසාවෙන් පරාජයක්ම හිමිවේ...

ලෞකික වැඩපිලිවෙල තුල උපේක්ෂා සහගත වීමත් ඒ තුලින්ම ගැඹුරු ධර්මය කෙරෙහි මනස මෙහෙයවා අසාර වැඩපිලිවෙලින් මිදී කර්ම අස්ථාන ගත කරමින් කර්මයෙන් නිදහස් වන්නට හැකිවේ...

එසේ නොවුනහොත් සියල්ල කර්මයට භාර නොදෙන කර්මවාදීන් නොවිය යුතු යැයි තර්ක කරමින් කර්ම වාදී වැඩපිලිවෙල (කර්ම රැස් වන වැඩපිලිවෙල) තුලම අතරමංව සංසාර ගමනේ අනාථ වනු ඇත... කර්මය නිසා නොව මෙය වූයේ අරකාගේ මෙකාගේ වරදින්යැයි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සංඥාවද ප්‍රගුණ වනු ඇත... අවිද්‍යාවේම අතරමං වනු ඇත...

බුද්ධිමත්වන්න... බුදු වදන කුමක්දැයි වටහාගැනීමට අප්‍රමාදීවන්න... සැනසීම එවිට එපා එපා යැයි කීවද ලැබෙනු නියතය!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා