පින...

යහපත්ව සිතන කියන කරන දෑහි යහපත්වූ ඵලයයි... ජීවිතයට පුණ්‍ය ශක්තිය ගෙන දෙන පින් කරන්නට බිය නොවිය යුතුයි... ධර්මයට අනුව නිසි ලෙසින් පින් කරන අයුරු දැනගත යුතුමය... පිනෙහි සැබෑ අරුත් දැනගන්නට “නිර්වාණ ධර්ම“ සමඟ රැඳී සිටින්න...

සංඥා භාෂාවෙන් සදහම්

ලක්බිම ප්‍රථම වරට බිහිරි ප්‍රජාව වෙතට සංඥා භාෂාව තුලින් ශ්‍රී සත්ධර්මය බෙදා දීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය විසින් අභියෝගාත්මක පියවරක් ඉදිරියට තබා තිබෙනවා. සංනිවේදන අපහසුතාවයන් නිසාම ඉතාමත් අවම දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බිහිරි ප්‍රජාවට බුදු දහම යනු ආගන්තුක මාතෘකාවකි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝක බිහිරි ප්‍රජාවටම පොදු කරුණකි. ඒ නිසාම සංඥා භාෂාවන්ගෙන් සත්ධර්මය බෙදන්නට “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය මෙසේ කටයුතු කරන වගයි!