කාම භවය සකස් වීම

  16 පෙබරවාරි 2017

යථාවබෝධයෙන් ලෝකය නොදකින විට රූපයට රැවටෙනවා...

චක්ඛු (ඇස) රූප - රූප රූප, සෝත (කණ) රූප - ශබ්ද රූප, ඝාණ (නාසය) රූප - ගන්ධ රූප, ජිව්හා (දිව) රූප - රස රූප, කාය රූප - ස්පර්ශ රූප, මන රූප - ධර්ම රූප මේ සියලු රූපයන්ට රැවටෙනවා...

ඒ රූපයේ ප්‍රශ්ණයක් තිබෙන බවක් දැනෙන්නේම නෑ...

ඒ රූපයේ ගැටලුවක් තිබෙන බවක් දැනෙන්නේම නෑ...

ඒ රූපයටමයි හසුවන්නේ... ඒ රූප මායාව සකස් වී ඇති ආකාරය දන්නේම නෑ...

ඒ රූප මායාවට හසුව මොහොතක් මොහොතක් පාසා පොදි බඳිමින් සකස් කරනවා...

මත්වීමේ උපරිමයෙන් සිටින්නේ... උපරිමයෙන් අසිහියෙන් සිටින්නේ...

මේ විදියට රූපයේ ඇත්ත නොදන්නා විට පටන්ගන්නේම රූප රාගයෙන්මයි...

අන්න ඒ රූපයන් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ආකාරයට සකස් වෙනවා... කොහොමද සකස් වුණේ?

රූපයේ ඇත්ත නොදන්නා විට... රූපය පිරිසිඳ නොදන්නා විට ඒ ඒ රූපාකාර අනුව සකස් වීම නවතින්නේ නෑ...

සංකාර නිරෝධ වන්නේ නෑ... සකස් කරමින්මයි වැඩපිලිවෙල.... සංඥා විපරීතයකින්මයි ඉන්නේ...

ඉතින් ප්‍රශ්ණ... මිනිසුන් වශයෙන්... දුගතිගාමී සත්වයන් වශයෙන්... දෙවියන් වශයෙන්.... කාම රාගයෙන්මයි වැඩපිලිවෙල... කාම භවයමයි සකස් වෙලා තියෙන්නේ... කාම තණ්හාවමයි ගොඩ නැඟිලා තියෙන්නේ... මේ වැඩපිලිවෙල දුගතිගාමී නම් කාම දුගතිය... මේ වැඩපිලිවෙල සුගතිගාමී නම් කාම සුගතිය... පුණ්‍යාභිසංකාර, අපුණ්‍යභිසංකාර සිදුවීම...

මේ ආකාරයෙන් කාම ලෝකයම සකස් වෙනවා...

ඒ පැවැත්ම සකස් වුනේ රූපය පිරිසිඳ නොදැක්ක නිසාමයි... රූපය කෙරෙහි යථාභූත ඥාන දර්ශනය පහල නොවූ නිසාමයි... රූපය උදා වූ අයුරු නොදැක්ක නිසාමයි...

රූපයේ ප්‍රශ්ණයක් තියෙන බව ප්‍රඥාවන්තව නොදැක්ක නිසාමයි...

මෙන්න මේ රූප රාගය විනිවිද නොදැකීම තුලම ඒ රූප විඳින්න පුළුවන් යැයි අදහසක් එනවා...

ඇස, කණ,  දිව, නාසය, කය, මන කියන්නාවූ හැම ඉන්ද්‍රීයයකින්ම විඳින්න පුළුවන් කියලාමයි හිතෙන්නේ... ඒකට තමයි කාමය කිව්වේ...

පංච කාම ආශ්වාදය ලැබිය හැකියැයි විශ්වාසයක් සකස් වෙනවා... නැවතත් සකස් කිරීමක්...

සත්වයෙක් හමුවේ... පුද්ගලයෙක් හමුවේ... කෑමක් බීමක් හමුවේ... ගන්ධයන් හමුවේ... ස්පර්ශ හමුවේ මොහොතක් මොහොතක් පාසා...

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ විඳින්නට යමක් තියෙනවා කියලාමයි පෙනෙන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, විඳින්නේ...

ඒ සකස් කිරීම මොහොතක් පාසා විද්‍යාමාන කරන්නේම කාම රාගයමයි.... කාම භවයමයි... කාම තණ්හාවමයි...