තීරණය කුමක්ද?

මැයි 2017 කතු වැකිය

තීරණය කුමක්ද?

සටහනේ අන්තර්ගතය

ලද දෙයින් සතුටට පත්වී සතුටුදායක සාමකාමී ජීවිතයක් ගත කිරීමේ තීරණය ඇත්තේ අප තුලමයි. එහෙත් ඒ තීරණය නොගෙන විහින් අමාරුවේ වැටෙන්නේ අප විහින්ම ගන්නා අනුවණ තීරණයක් නිසාම නොවේද? ඒ නිසා දැන්වත් තම තමන් ගන්නා තීරණය ගැන විමසා බලන්න. ඒ අනුව කටයුතු කරගන්නට කාලය නොවේද? මන්ද, ඔබ වෙනුවෙන් තීරණ ගන්නට බාහිරයේ කිසිවෙකුත් නැත!

අප බොහෝ දෙනෙක් අපගේ තත්වයක් සකසා ගන්නවා.  ඉන්පසුව ඒ තත්වය පවත්වාගෙන යෑම පිණිස මුදල් හොයනවා. 

කෑම බීමේ පටන්ගෙන යන එන ආකාරයේ අඳින පළඳින ආකාරයේ සිට සෑම දෙයකම තත්වයක් අප විසින්ම සකසා ගන්නවා. 

මේ තමයි මම කන දේවල්... මේ තමයි මම අඳින විදිය... මේ තමයි මම ජීවත් වන ක්‍රමය... මේ ආකාරයෙන් තමන් විහින් සකසාගත් තත්වයන් ගොඩයි...

ඉන්පසුව ඒ දේ පවත්වාගන්නට වෙහෙස මහන්සි වෙනවා... ඒ තුල අසහනයට පත්වෙනවා... මානසික ආතතිය කායික රෝග කෙලවරක් නෑ ප්‍රශ්ණ...

ඇයි මේ? අහන්න ඔබෙන්ම...

මීට වඩා සුදුසු නැත්ද ලැබෙන ගාණට ලැබෙන දේ අනුව ජීවත් වෙන්නට පුරුදු වුණා නම්... ලැබෙන විදියට... තිබෙන විදියට...

එදිනෙදා ජීවන අවශ්‍යතාවයන් සකසා ගන්නවා නම්... එය එසේම පැවතිය යුතුයි යන මතයක නොපිහිටනවා නම් ඔබට ඔයිට වඩා ප්‍රශ්ණ අඩුවන්නේ නැතිද?

තමන්ගෙන්ම අහලා බලන්න...

මමත්වයෙන් සකස්වූ මැනගැනීමක් නිසාම ඒ දේ පවත්වාගන්නට උත්සාහ දරමින් ඒ දේ ඉටු කරගන්නට අපහසු වන විට බාහිරයට දොස් නගමින් ඇයි මේ අසහනයෙන්?

තීරණය ඔබටම ගත හැකි පුංචිම පුංචි කාරණයක්!  හිතලා බලන්න...!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා