චිත්ත...

කැමැත්තක් ඇතිවූ විට ඒ කැමැත්ත ඇතිවූ දෑ පිළිබඳව විමසා බලන්නට සිතක් පහල විය යුතුයි... නිවැරදිව සිත යොමුකරගන්නට නොහැකි වූවහොත් ඒ කැමැත්ත පහලවූ දෑ සාර්ථක කරගන්නට නොහැකි වෙනවා... ධර්මය තුල සිත පහල කරවිය යුත්තේ කුමකටදැයි විමසා බලන්න නිර්වාණ ධර්ම සමඟ එකතුවන්න...

සිත දකිමු

බුදු දහම තුල ඉගැන්වෙන සත්ධර්ම සිද්ධාන්තයන් හුදෙක් පොත පතට සීමාවූ ගැඹුරු වචනයන්ගෙන් සමන්විත සිද්ධාන්තයන් පමණක්ම නොවන බව පෙන්වා දෙන්නට සෑම ධර්ම කොටසක්ම ගැඹුරින් විමර්ශණය කරමින් එදිනෙදා ජීවිතයට ඒ සිද්ධාන්තයන් මුහුවී ඇති ආකාරය පෙන්වා දෙන සත්ධර්ම කොටස් එකතුවකි. විවෘත මනසකින් ප්‍රඥාවන්තව ඇසුරු කොට සැනසීම උදාකරගැනීම පිණිසමයි!