නිර්වාණ ධර්ම ප්‍රකාශන

“නිර්වාණ ධර්ම“ සම්පූර්ණ වෙබ් අඩවිය හුදෙක් වෙබ් අඩවියකටත් වඩා නිතරම ඇසුරු කරන්නට හැකි සදහම් ග්‍රන්ථයක් මෙන් සකස් කර තිබෙනවා.  ඒ වෙබ් අඩවිය තුල සටහන් තැබෙන සඳහම් මාතෘකා මුද්‍රණය කර නිතර කියවන්නට ඇසුරු කරන්නට ලඟ තබාගන්නා පිරිස් සිටින බව නිතරම දැනගන්නට ලැබෙනවා.  අන්න ඒ නිසාම එසේ සටහන් තබන සඳහම් කරුණු මුද්‍රණයට පහසුවක් වන අයුරින් නිර්මාණය කර මෙසේ ගොනු කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ බෙදා හදාගැනීමට මෙන්ම මුද්‍රණය කර බෙදා හැරීමට කැමති පිරිස් වෙතටද එයින් පහසුවක්ම සැලසෙන අතර මේ සියලු දෑ නොමිලේ බෙදා හැරීම පිණිස පමණි.  මුද්‍රණ වියදම පමණක් යොදා යම් මිලක් නියම කරන්නට බලාපොරොත්තු වේ නම් එසේ කිරීමට පෙර නිසි ආකාරයෙන් අපව දැනුවත් කල යුතු බවද සිහිපත් කර සිටිමි. 

අප කිසිවෙකුටත් බුදු දහම අයිති නැත.  අප සැම ඒ උතුම් දහම් පණිවිඩය රැගෙන යන පණිවිඩකරුවන් පමණක්ම වන්නෙමු.  ඉතින් ඒ පණිවිඩකාරයන් විසින් ඒ උතුම් දහම ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා පිණිස යොදාගන්නේ නම් ඒ හේතුවට අනුව කිනම් නම් ඵලයක් ලැබේවිදැයි බුද්ධිමත් ඔබ වටහාගත යුතුමය.  කිසිවෙකුටත් හිමි නැති මේ උතුම් දහම් පණිවිඩය බුදු හිමියන් නොවැඩියේ නම් අපටද නොලැබෙන බව සිහිපත්කරගෙන මේ දහම් ඇසුරු කරන්න.  උතුම් සත්ධර්මය තම තමන්ගේ නිර්වාණ සුවය පිණිසම භාවිතා කරන්නට ප්‍රඥාවන්තව කටයුතු කරගන්න!  ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!